spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ දී ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සොයා ගැනීම අපහසුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත ආරක්ෂා සැපයීම සඳහා පොලිස් නිලධාරීන් සොයා ගැනීමේ අපහසුතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තවමත් ආරම්භ කළ නොමැති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම කටයුතු ආරම්භ කළ පසු අදාළ ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (17) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ආරක්ෂාව වෙනුවෙන් දීර්ඝ කාලීනව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රාජකාරියේ යෙදවීමේ දී පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානවලින් ලබා ගැනීමේ දී සළකාබැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ආයතනවලින් කුමන ඉල්ලීම් පැමිණිය ද ආරක්ෂාව සඳහා යොදවන නිලධාරී සංඛ්‍යාව තීරණය කිරීම සිදුකරනු ලබන්නේ පොලිසිය විසින් බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?