අනියම් ඇසුරේ පෙම්වතා 45 හැවිරිදි කාන්තාව ඝාතනය කරලා

මොණරාගල, වෙහෙරගල ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සහෝදරිය විසින් තම නැඟණිය පෙරදින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැති බව දන්වමින් ඊයේ (12) උදෑසන මොණරාගල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

එම පැමිණිල්ලට අනුව පොලිසිය අතුරුදන් කාන්තාව පදිංචිව සිටි වෙහෙරගල,අලුත්වත්ත ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී කාන්තාව පදිංචිව සිටි නිවස ආසන්නයේ තිබී ඇයගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය පවසන්නේ තියුණු ආයුධයකින් පහර දී අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය පෙර විවාහයෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ කතාව අනියම් සබඳතාවක් පවතවාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

එලෙස සබඳතාව පවත්වාගෙන ගිය පුද්ගලයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් වෙහෙරගල, අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධිය පිළිබඳව මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?