අනියම් ඇසුරේ පෙම්වතා 45 හැවිරිදි කාන්තාව ඝාතනය කරලා

මොණරාගල, වෙහෙරගල ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සහෝදරිය විසින් තම නැඟණිය පෙරදින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැති බව දන්වමින් ඊයේ (12) උදෑසන මොණරාගල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

එම පැමිණිල්ලට අනුව පොලිසිය අතුරුදන් කාන්තාව පදිංචිව සිටි වෙහෙරගල,අලුත්වත්ත ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී කාන්තාව පදිංචිව සිටි නිවස ආසන්නයේ තිබී ඇයගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය පවසන්නේ තියුණු ආයුධයකින් පහර දී අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය පෙර විවාහයෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ කතාව අනියම් සබඳතාවක් පවතවාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

එලෙස සබඳතාව පවත්වාගෙන ගිය පුද්ගලයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් වෙහෙරගල, අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධිය පිළිබඳව මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05