නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමතිගේ අනුමැතියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹන නවසීලන්ත සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව වාර්තා වනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතය සඳහා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති නිල නොවන ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දැක්වීමට සමත් වූ නිශාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක මෙම සංචිතයට එක්කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වුණේ.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් පැතුම් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ඔහු සීමිත පන්දුවාර තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති සංචිතය පහතින්.

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්,කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල (wk), නිශාන් මදුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසුරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32