නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමතිගේ අනුමැතියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹන නවසීලන්ත සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව වාර්තා වනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතය සඳහා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති නිල නොවන ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දැක්වීමට සමත් වූ නිශාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක මෙම සංචිතයට එක්කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වුණේ.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් පැතුම් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ඔහු සීමිත පන්දුවාර තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති සංචිතය පහතින්.

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්,කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල (wk), නිශාන් මදුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසුරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00