අද උදෑසනම වැල්ලවායත් සෙලවෙයි

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද (11) අලුයම සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා.

එය මැග්නිටියුඩ් ඒකක 2.3ක අගයක් ගත බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

මෙම භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊයේ (10) දිනයේ බුත්තල – පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලන දෙකක් වාර්තා වූ අතර, එය දැක්වුණේ රික්ටර් පරිමාණ ඒකක 3 ක් සහ 2.4 ක් ලෙසයි.

https://youtu.be/PeOGtBzioow
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?