ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන අරඹයි (ඡායාරූප)

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ. මෙම තරගයේ දී දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු තුනකින් පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 129ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50ක් තුළ ලකුණු 68ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස්කළා.

ඇයගේ ඉනිමට අලංකාර හතරේ පහර 12ක් ඇතුළත්.

චමරිට අනෙක් අන්තයේ සිට අඟනා සහයක් ලබාදුන් යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 34ක් තුළ ලකුණු 35ක් රැස්කළේ හතරේ පහර 04ක් ද සමඟින්.

පන්දු 120ක් තුළ ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පිටිය තුළ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබාදුන්නේ නැහැ.

එහිදී දකුණු අප්‍රිකානු නායිකා සුනේ ලූස් ලකුණු 28ක් රැස්කළ අතර ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ලෝරා වොල්වාඩ් ලකුණු 18ක් රැස්කළා.

අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට ඉනෝකා රණවීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන් අතර, එහිදී ඉනෝකා රණවීර කඩුලු 03ක් බිඳ දැමුවා.

ඊට අමතරව ඔෂාධි රණසිංහ සහ සුරංධිකා කුමාරි අතරේ දකුණු අප්‍රිකානු කඩුලු 02 බැගින් බෙදී ගිය අතර, අවසානයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිළට ලකුණු 03ක තියුණු ජයක් හිමි වුණා.

මෙවර කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23