පෙබරවාරි මාසයේ ගතවූ දින කිහිපයේ පමණක් සංචාරකයන් 26,000ක්

මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 26,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පෙබරවාරි මුල් සතියේ සංචාරකයින් 26,506ක් පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මේ දක්වා රුසියානු ජාතිකයින් 6,619 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර, සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටියේ ඉන්දියාවෙන් සංචාරකයින් 3,462 ක්, එක්සත් රාජධානියෙන් 2,269ක්, ජර්මනියෙන් 1,988ක් සහ ප්‍රංශයෙන් 1,590ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ජනවාරි මාසයේදී සංචාරකයින් 102,545ක් මෙරටට පැමිණ තිබෙනවා.

මෙය 2022 වසරේ මාර්තු මාසයෙන් පසු එක් මාසයක දී පැමිණි වැඩිම සංචාරකයන් පිරිස ලෙසටයි සැලකෙන්නේ.

2022 වසරේ දී ශ්‍රී ලංකාවට සමස්ත සංචාරකයින් 719,978ක් පැමිණ තිබෙනවා.

ආර්ථික අර්බුදය, විරෝධතා සහ වෙනත් කරුණු හේතුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට සංචාරක පැමිණීම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, නව පාලනයක් ස්ථාපිත වීමෙන් අනතරුව, පසුගිය කාර්තුවේදී සිට සංචාරක පැමිණීම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01