13 වසරක් ඉටු නොවූ ඉල්ලීම ස්වඋත්සාහයෙන් ඉටුකරගත් පනන්කුඩාව වත්ත වැසියෝ (ඡායාරූප)

වසර 13ක කාලයක සිට වර්ෂාව පවතින කාලයේ දී ජලයෙන් යටවන මාර්ගයක් කිසිඳු රාජ්‍ය හෝ දේශපාලන මැදිහත් වීමකින් තොරව පිළිසකර කිරීමට හලාවත – පනන්කුඩාවවත්ත පදිංචිකරුවන් පසුගිය දා කටයුතු කර තිබෙනවා.

හලාවත ප්‍රාදේශීය සභා බල සීමාවට අයත් පනන්කුඩාව වත්ත පවුල් 1000 කට වැඩි පිරිසක් පදිංචි වී සිටින ප්‍රදේශයක්.

මෙම ගම්මානයට ඉහළින් ඇති මුන්නේෂ්වරම සහ නල්ලනායගම් වැව වැසි කාලයේ දී පිටාර ගලොමත් සමඟ වැව් ජලය හලාවත කලපුව දක්වා ගලා බසින්නේ පනන්කුඩාව වත්ත හරහායි.

පනන්කුඩාව වත්ත කැබලි කිරීමේ දී යොදා ඇති කාණු පද්ධතිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සහ බොහෝ ඉඩම්වල තාප්ප බැද තිබීමත් නිසා කඩිනමින් ජලය බැස යාමක් සිදු නොවන බවයි දැන ගන්නට ලැබුණේ.

මෙම තත්ත්වය නිසා වැසි කාලයේ දී පනන්කුඩාව වත්ත එකම ජලශයක් බවට පත් වීම සාමාන්‍ය සිදුවීමක්.

මෙම තත්ත්වයට පිළියමක් යොදන ලෙස වසර 13ක කාලයක් පනක්කුඩාව වත්ත පදිංචිකරුවන් රජයෙන් මෙන්ම රට කරවන දේශපාලකයින්ගෙන් ද ඉල්ලීම් කර තිබෙනවා.

නමුත් එම කිසිඳු ඉල්ලීමක් ඉටු කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැතිවීම කණගාටුවට කරුණක්.

තම ගම්මානය ජලයෙන් යටවීම පාලනය කිරීමට නම් කළ යුතු වන්නේ විධිමත් ලෙස ජලය බැස යාමට අවශ්‍ය කාණු පද්ධතිය සකස් කිරීම සහ මාර්ග පිළිසකර කිරීම බව ගම්වාසීන් හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව ගමේ සියළුම දෙනා තරාතිරම නොබලා එක්ව ශ්‍රමය,ධනය සහ අවශ්‍ය දෑ සම්පාදනය කර ගනිමින් කාණු පද්ධතිය සහ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කටයුත්ත සඳහා ඇතමුන් මුදල් පරිත්‍යා කර ඇති අතර, තවත් පිරිසක් අවශ්‍ය සිමෙන්ති, වැලි,කළු ගල් ආදිය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ සියල්ල අතර බොහෝ දෙනෙකු තමන්ගේ ශ්‍රම දායකත්වය ද මේ සදහා ලබාදීමට කටයුතු කර ඇති බවක් දක්නට ලැබුණා.

සියලුදෙනාගේ සහයෝගයෙන් මේ වන විට මීටර් 100 කට වැඩි ප්‍රමාණයක් මාර්ගය කොන්ක්‍රීට් ඇතිරීමටත්, කාණු පද්ධිතය සකස් කිරීමටත් ඔවුන් සමත් හැකි වී තිබීම සතුටට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45