75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක්

“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත ගජබාහු නෞකාවේදී, අද සිදු කෙරුණා.

ඒ ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ද සිල්වා ගේ මෙහෙයවීමෙන්.

වෙඩිමුරයක් පවත්වා උත්තමාචාර පුද කිරීමේදී ලබාදිය හැකි උපරිම වෙඩිමුර ප්‍රමාණය 25 ක් වන අතර, එය ජාතිය වෙනුවෙන් පිරිනැමෙනවා.

ඒ අනුව අද 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ජාතිය වෙනුවෙන් පිරිනමන වෙඩි මුර උත්තමාචාරය මෙලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී පැවැත්වීමට යි නාවික හමුදාව විසින් කටයුතු කළේ.

14 වන ශතවර්ශයේ සිට වෙඩිමුර චාරිත්‍රය යුද නෞකා ද අනුගමනය කර ඇති අතර, මෙහිදී යුද නෞකාවක් මිතුරු රාජ්‍යයකට ඇතුලු වීමේදී නෞකාවේ ඇති අවිවලට පුරවා ඇති උණ්ඩ දල්වා අවිය නිරායුධ කර ඇති බවට සහතික කෙරෙනවා.

එමෙන්ම, මිතුරු රටේ වෙරළ ආරක්ෂාව සඳහා තබා ඇති අවිද එම අවිවලට පුරවා ඇති උණ්ඩ ආරක්ෂිත දිශාවකට එල්ල කර දල්වා අවිය නිරායුධ බවට පැමිණෙන නෞකාවට සහතික කර තිබෙන අතර, මෙය පසුකාලීනව ආචාර කිරීමේ චාරිත්‍රයක් බවටයි පත්වී ඇත්තේ.

බ්‍රිතාන්‍ය නාවික හමුදාව එවකට නෞකාවන්ගේ අවි 7ක් තිබූ බැවින්, අවි 7ක් උපයෝගීත්වයෙන් වෙඩි මුර ආචාරය පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩිමුර ඉතිහාසය දෙස බැලීමේදී මුල් වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් වෙඩි මුර 15ක ආචාරයක් රාජකීය නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී 1948 වර්ෂයේදී පවත්වා තිබෙනවා.

1949 වර්ෂයේදී එක් අවියක් උපයෝගී කරගනිමින් මෙම වෙඩිමුර උත්තමාචාරය පවත්වා ඇත්තේ විජය නෞකාවේදී යි.

මෙම වෙඩිමුර ආචාරය නාවික හමුදාව 1948 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා තිබෙන අතර, ආරම්භයේදී ප්‍රථම වෙඩිමුර උත්තමාචාරය ගාලු මුවදොර පිටියේදීත්, පසුව නෞකා මත දීත් අනතුරුව, කොළඹ වරායේ ගෝල් බක් බේ ස්ථානයේ සහ කොළඹ ප්‍රදිපාගාර පරිශ්‍රයේදීත් පවත්වා තිබෙනවා.

73 වන නිදහස් දිනයට සමගාමීව 2021 වර්ෂයේ ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේදීත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරය පිරිනැමීම පසුගිය 2022 වර්ෂයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මතදීත් නාවික හමුදාව විසින් සිදුකල අතර, මෙවර 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් අද වෙඩිමුර උත්තමාචාර 25ක් පිරිනැමීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මතදී යි.

වෙඩි මුර උත්තමාචාරය පැවැත්වෙන අවස්ථාවේ නෞකාවේ කුඹගසෙහි විශේෂ ධජ සැරසිල්ලක් සිදුකරනු ලබන අතර, ධජ මගින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් වෙඩිමුර උත්තමාචාරය “ 25 Gun Salutes for the Nation” ලෙස අර්ථ ගැන්වෙන ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ කුඹගස සැරසීම සිදු කෙරුණා.

75 වන නිදහස් දින උළෙලට සමඟාමීව ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පැවැත්වීම ශ්‍රී.ලං.නා.නෞ. ගජබාහු නෞකාවේ සවිකළ බ්‍රසීලයේ නිශ්පාදිත මිලි මීටර 47 වර්ගයේ අවි 4ක් මඟින් සිදුකරන ලද අතර, ආචාර වෙඩිමුර කණ්ඩායම ශ්‍රී.ලං.නා.නෞ. ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ද සිල්වා, විධායක නිලධාරී කොමාණ්ඩර් සුමුදු දිසානායක සහ අවි නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් මිලින්ද යාපා යන නිලධාරීන්ගෙන් සමන්විත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?