75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක්

“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත ගජබාහු නෞකාවේදී, අද සිදු කෙරුණා.

ඒ ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ද සිල්වා ගේ මෙහෙයවීමෙන්.

වෙඩිමුරයක් පවත්වා උත්තමාචාර පුද කිරීමේදී ලබාදිය හැකි උපරිම වෙඩිමුර ප්‍රමාණය 25 ක් වන අතර, එය ජාතිය වෙනුවෙන් පිරිනැමෙනවා.

ඒ අනුව අද 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ජාතිය වෙනුවෙන් පිරිනමන වෙඩි මුර උත්තමාචාරය මෙලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී පැවැත්වීමට යි නාවික හමුදාව විසින් කටයුතු කළේ.

14 වන ශතවර්ශයේ සිට වෙඩිමුර චාරිත්‍රය යුද නෞකා ද අනුගමනය කර ඇති අතර, මෙහිදී යුද නෞකාවක් මිතුරු රාජ්‍යයකට ඇතුලු වීමේදී නෞකාවේ ඇති අවිවලට පුරවා ඇති උණ්ඩ දල්වා අවිය නිරායුධ කර ඇති බවට සහතික කෙරෙනවා.

එමෙන්ම, මිතුරු රටේ වෙරළ ආරක්ෂාව සඳහා තබා ඇති අවිද එම අවිවලට පුරවා ඇති උණ්ඩ ආරක්ෂිත දිශාවකට එල්ල කර දල්වා අවිය නිරායුධ බවට පැමිණෙන නෞකාවට සහතික කර තිබෙන අතර, මෙය පසුකාලීනව ආචාර කිරීමේ චාරිත්‍රයක් බවටයි පත්වී ඇත්තේ.

බ්‍රිතාන්‍ය නාවික හමුදාව එවකට නෞකාවන්ගේ අවි 7ක් තිබූ බැවින්, අවි 7ක් උපයෝගීත්වයෙන් වෙඩි මුර ආචාරය පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩිමුර ඉතිහාසය දෙස බැලීමේදී මුල් වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් වෙඩි මුර 15ක ආචාරයක් රාජකීය නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී 1948 වර්ෂයේදී පවත්වා තිබෙනවා.

1949 වර්ෂයේදී එක් අවියක් උපයෝගී කරගනිමින් මෙම වෙඩිමුර උත්තමාචාරය පවත්වා ඇත්තේ විජය නෞකාවේදී යි.

මෙම වෙඩිමුර ආචාරය නාවික හමුදාව 1948 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා තිබෙන අතර, ආරම්භයේදී ප්‍රථම වෙඩිමුර උත්තමාචාරය ගාලු මුවදොර පිටියේදීත්, පසුව නෞකා මත දීත් අනතුරුව, කොළඹ වරායේ ගෝල් බක් බේ ස්ථානයේ සහ කොළඹ ප්‍රදිපාගාර පරිශ්‍රයේදීත් පවත්වා තිබෙනවා.

73 වන නිදහස් දිනයට සමගාමීව 2021 වර්ෂයේ ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේදීත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරය පිරිනැමීම පසුගිය 2022 වර්ෂයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මතදීත් නාවික හමුදාව විසින් සිදුකල අතර, මෙවර 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් අද වෙඩිමුර උත්තමාචාර 25ක් පිරිනැමීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මතදී යි.

වෙඩි මුර උත්තමාචාරය පැවැත්වෙන අවස්ථාවේ නෞකාවේ කුඹගසෙහි විශේෂ ධජ සැරසිල්ලක් සිදුකරනු ලබන අතර, ධජ මගින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් වෙඩිමුර උත්තමාචාරය “ 25 Gun Salutes for the Nation” ලෙස අර්ථ ගැන්වෙන ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ කුඹගස සැරසීම සිදු කෙරුණා.

75 වන නිදහස් දින උළෙලට සමඟාමීව ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පැවැත්වීම ශ්‍රී.ලං.නා.නෞ. ගජබාහු නෞකාවේ සවිකළ බ්‍රසීලයේ නිශ්පාදිත මිලි මීටර 47 වර්ගයේ අවි 4ක් මඟින් සිදුකරන ලද අතර, ආචාර වෙඩිමුර කණ්ඩායම ශ්‍රී.ලං.නා.නෞ. ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ද සිල්වා, විධායක නිලධාරී කොමාණ්ඩර් සුමුදු දිසානායක සහ අවි නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් මිලින්ද යාපා යන නිලධාරීන්ගෙන් සමන්විත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39