spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කර පීඩනයෙන් මිදීමට හැකි ඉක්මනින් ණය ආධාර ලබා දෙන ලෙස චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා.

දෛනික සාකච්ඡාවකදී චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ ණය ලබාදීම සඳහා අදාළ මූල්‍ය ආයතනවලට චීනය අඛණ්ඩව සහාය දෙන බවයි.

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් උපකාර කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කරන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ණය දිගුවක් ලබාදීමට මූලිකත්වය ගත් පළමු ණය දෙන්නා චීනය බව ඇය අවධාරණය කළා.

2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළා.

ඒ අනුව, එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?