ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කර පීඩනයෙන් මිදීමට හැකි ඉක්මනින් ණය ආධාර ලබා දෙන ලෙස චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා.

දෛනික සාකච්ඡාවකදී චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ ණය ලබාදීම සඳහා අදාළ මූල්‍ය ආයතනවලට චීනය අඛණ්ඩව සහාය දෙන බවයි.

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් උපකාර කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කරන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ණය දිගුවක් ලබාදීමට මූලිකත්වය ගත් පළමු ණය දෙන්නා චීනය බව ඇය අවධාරණය කළා.

2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළා.

ඒ අනුව, එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පෙන්වා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18