මානසික ආබාධිත සොහොයුරන් අතර ආරවුල දුරදිග යයි – එක් අයෙක් මරුට

ඇහැලියගොඩ ගනේගොඩ ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

අද දහවල් දෙදෙනා අතර ඇතිවූ ගැටුම දුරදිග යාමෙන් එක් අයෙක් තල්ලු කිරීම හේතුවෙන් අනෙක් පුද්ගලයා බිම ඇද වැටී මරණයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ඇහැලියගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගැටහැත්ත ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා මානසික ආබාධවලට ප්‍රතිකාර ලබා ගන්නා දෙදෙනෙක් බවටයි පොලිස් විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇහැලියගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15