spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මානසික ආබාධිත සොහොයුරන් අතර ආරවුල දුරදිග යයි – එක් අයෙක් මරුට

ඇහැලියගොඩ ගනේගොඩ ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

අද දහවල් දෙදෙනා අතර ඇතිවූ ගැටුම දුරදිග යාමෙන් එක් අයෙක් තල්ලු කිරීම හේතුවෙන් අනෙක් පුද්ගලයා බිම ඇද වැටී මරණයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ඇහැලියගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගැටහැත්ත ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා මානසික ආබාධවලට ප්‍රතිකාර ලබා ගන්නා දෙදෙනෙක් බවටයි පොලිස් විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇහැලියගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?