මහ මඟ දී ගුරුවරියකට ලිංගික අතවර කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලයි

වෙළඳසැලකට යමින් සිටි හිටපු ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගුරුවරිය මොරගහහේන, මිල්ලෑව, ධම්මානන්ද ප්‍රදේශයේ වෙළඳසැලකට යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉන් බැසවිත් ගුරුවරිය යන මඟ හරස් කර ඇ‍ය වැළඳගෙන මෙලෙස ලිංගික අතවර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී ගුරුවරිය මන්ත්‍රීවරයාගෙන් මිදී අසල නිවසකට පලාගොස් ඇති අතර, ගුරුවරිය පසුපස හඹා හා සැකකාර මන්ත්‍රීවරයා එම නිවෙස් හිමි කාන්තාවගෙන් ගුරුවරිය පිළිබඳ විමසීමේ දී ඇය පිටුපස තාප්පෙන් පැන පලා ගිය බව නිවෙස් හිමි කාන්තාව සැකකරුට පවසා ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පසුව අදාළ ගුරුවරිය 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියේ කණ්ඩායමක් විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයාගේ අතවරය හේතුවෙන් පපු ප්‍රදේශයේ සීරීම් තුවාලවලට ලක්ව ඇති ගුරුවරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු පැමිණි කැබ් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27