නව වන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය පෙරබවාරි 8

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊට අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ලබන පෙබරවාරි 08 වන දින පෙරවරු 10ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වීමට නියමිතයි.

මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වනවා.

ඒ අනුව 75වන නිදහස් දින සැමරුමත් සමඟ රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාල සීමාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන කාරක සභා, අක්‍රීය වනවා.

නව සැසි වාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා, සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු යි.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යන කාරක සභා නැවත පත් කළ යුතු වනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ රාජසන කතාවකින් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06