අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව කල් තබමින් ගැසට් නිවේදනයක් ?

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සදහා වන නියෝගය ජනාධිපතිවරයා විසින් ලබාදීමෙන් පසුව අද මධ්‍යම රාත්‍රියේදී ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින අතර ගැසට් අංක 2316/48 යටතේ යි මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සුදානම් කර ඇත්තේ.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන කාරක සභා, අක්‍රීය වනවා.

නව සැසි වාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා, සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු යි.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යන කාරක සභා නැවත පත් කළ යුතු වනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ රාජසන කතාවකින් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16