සර්ව පාක්ෂික හමුවේදී 13 ගැන සාකච්ඡා

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද පැවැත්වුණා.

අද පස්වරුවේ එය පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ දී යි.

ජනාධිපතිවරයා විසින් සියලු පක්ෂවලට මෙම හමුව සඳහා ඇරයුම් කර තිබුණ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණ සිටියේ නැහැ.

කෙසේවෙතත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මෙම හමුවට පැමිණ සිටි අතර එම සන්ධානයේ තවත් පක්ෂ කිහිපයක සාමාජිකයන් පැමිණ නොසිටි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද සර්ව පාක්ෂික හමුවට පැමිණ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වීමෙන් අනතුරුව පැවති දෙවන සර්ව පාක්ෂික හමුව මෙයයි. එහි පළමු රැස්වීම පැවැත්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදායි.

මෙම සර්වපාක්ෂික හමුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ඇරයුම් කර තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතව තිබුණා.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, කුමාර වෙල්ගම, සරත් වීරසේකර, එම්. ඒ. සුමන්තිරන්, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?