සර්ව පාක්ෂික හමුවේදී 13 ගැන සාකච්ඡා

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද පැවැත්වුණා.

අද පස්වරුවේ එය පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ දී යි.

ජනාධිපතිවරයා විසින් සියලු පක්ෂවලට මෙම හමුව සඳහා ඇරයුම් කර තිබුණ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණ සිටියේ නැහැ.

කෙසේවෙතත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මෙම හමුවට පැමිණ සිටි අතර එම සන්ධානයේ තවත් පක්ෂ කිහිපයක සාමාජිකයන් පැමිණ නොසිටි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද සර්ව පාක්ෂික හමුවට පැමිණ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වීමෙන් අනතුරුව පැවති දෙවන සර්ව පාක්ෂික හමුව මෙයයි. එහි පළමු රැස්වීම පැවැත්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදායි.

මෙම සර්වපාක්ෂික හමුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ඇරයුම් කර තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතව තිබුණා.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, කුමාර වෙල්ගම, සරත් වීරසේකර, එම්. ඒ. සුමන්තිරන්, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54