සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුමබණ්ඩාරට මාර්තු මස 31 වනදා දක්වා කල්දෙයි

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු සමගි ජන බලවේගයේ නිලතල දැරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනු කළ පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය අද එම පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට දින ලබා දුන්නා.

මෙම පෙත්සම අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට අධිකරණය මාර්තු මස 31 වනදා දක්වා කල් ලබා දුන්නා.

පෙත්සම්කාර ඩයනා ගමගේ මහත්මිය කියා සිටියේ සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයකට එම බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක සාමාජිකයින් යැයි පෙන්වා දෙන ඩයනා ගමගේ අමාත්‍යවරිය ඔවුන්ට එරෙහිව එම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවතින බවත් පෙන්වා දෙනවා.

ඒ අනුව සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධුර දැරීමට සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට නීතිමය පදනමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සම්කාර ඩයනා ගමගේ අමාත්‍යවරිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20