අලුත් පාපන්දු සම්මේලන නිලධාරීන්ට අතුරු තහනමක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තේරී පත් වූ ජේ. ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී බවට සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනු කල රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැති වරයා සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය 14 වැනිදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාම යෝජනා බාර දුන් බවත් නාම යෝජනා කමිටුව එය පිළිගත් බව ද පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

පසුව තමන්ට සුදුසුකම් නොමැති බව පවසමින් එම තනතුරට තරඟ වැදීමට බලධාරීන් අවස්ථාව නොදුන් බවයි පෙත්සම්කරු චෝදනා කළේ.

අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වගඋත්තරකාර ජේ.ශ්‍රී රංගා වැඩි ජන්ද 03කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූ බව පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බවයි පෙත්සම්කරු කියාසිටියේ.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිපල අවලංගු කර අලුතින් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39