විනිසුරු තීරණයට එරෙහිව ෂකීබ් යළිත් වරක් ක්‍රිකට් පිටිය තුළ යකා නටයි (වීඩියෝ)

ක්‍රිකට් පිටිය තුළ විනිසුරුවන් විසින් ලබාදෙන ඇතැම් තීරණවලට කෝපයට පත්වන ක්‍රීඩකයින් අතර, බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ප්‍රසිද්ධියට පත් ක්‍රීඩකයෙක්.

ෂකීබ්ගේ තවත් එවැනි හැසිරීමක් මේ වනවිට සමාජ මාධ්‍ය ඇතුළු විදෙස් මාධ්‍ය රැසකගේ අවදානයට මතුව තිබෙනවා.

මේ වන විට ක්‍රියාත්මක බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගවලිය අතර තුර මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කර තිබුණේ.

එම තරගාවලියේ ඊයේ පැවති තරගයක දී ෂකීබ් විනිසුරුගේ තීරණය අභියෝගයට ලක්කරමින් පිටිය තුළ විනිසුරුවරයා සමඟ වචන හුවමාරුවක නියැලෙන අයුරු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැරිසරන වීඩියෝවේ දැක්වෙනවා.

ෂකීබ් පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේ දී පන්දු යවන්නා විසින් යොමුකරන බවුන්සර් පන්දුවක් වයිඩ් පන්දුවක් ලෙස විනිසුරු සංඥා නොකිරීම හේතුවෙන් ඔහු විනිසුරුවරයාට කෑගසන අයුරු එහි දැක්වෙනවා.

එම අවස්ථාවේ දී විනිසුරුවරයා සහ ෂකීබ් අතර කිසියම් වචන හුවමාරුවක් සිදුවන අතර, පන්දුවාරයේ පළමු බවුන්සර් පන්දු යැවීම සාධාරණ බවත් එහිදී එය සිදු වූ බවත් එහිදී විනිසුරුවරයා ශකීබ්ට පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ෂකීබ්ගේ මෙම හැසිරීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති අතර, මීට පෙරද මෙවැනිම ආකාරයේ ප්‍රකෝපකාරී හැසිරීම් ක්‍රිකට් පිටිය තුළ ඔහු ප්‍රදර්ශනය කර තිබෙනවා.

අදාළ සිදුවීම පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?