විනිසුරු තීරණයට එරෙහිව ෂකීබ් යළිත් වරක් ක්‍රිකට් පිටිය තුළ යකා නටයි (වීඩියෝ)

ක්‍රිකට් පිටිය තුළ විනිසුරුවන් විසින් ලබාදෙන ඇතැම් තීරණවලට කෝපයට පත්වන ක්‍රීඩකයින් අතර, බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ප්‍රසිද්ධියට පත් ක්‍රීඩකයෙක්.

ෂකීබ්ගේ තවත් එවැනි හැසිරීමක් මේ වනවිට සමාජ මාධ්‍ය ඇතුළු විදෙස් මාධ්‍ය රැසකගේ අවදානයට මතුව තිබෙනවා.

මේ වන විට ක්‍රියාත්මක බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගවලිය අතර තුර මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කර තිබුණේ.

එම තරගාවලියේ ඊයේ පැවති තරගයක දී ෂකීබ් විනිසුරුගේ තීරණය අභියෝගයට ලක්කරමින් පිටිය තුළ විනිසුරුවරයා සමඟ වචන හුවමාරුවක නියැලෙන අයුරු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැරිසරන වීඩියෝවේ දැක්වෙනවා.

ෂකීබ් පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේ දී පන්දු යවන්නා විසින් යොමුකරන බවුන්සර් පන්දුවක් වයිඩ් පන්දුවක් ලෙස විනිසුරු සංඥා නොකිරීම හේතුවෙන් ඔහු විනිසුරුවරයාට කෑගසන අයුරු එහි දැක්වෙනවා.

එම අවස්ථාවේ දී විනිසුරුවරයා සහ ෂකීබ් අතර කිසියම් වචන හුවමාරුවක් සිදුවන අතර, පන්දුවාරයේ පළමු බවුන්සර් පන්දු යැවීම සාධාරණ බවත් එහිදී එය සිදු වූ බවත් එහිදී විනිසුරුවරයා ශකීබ්ට පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ෂකීබ්ගේ මෙම හැසිරීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති අතර, මීට පෙරද මෙවැනිම ආකාරයේ ප්‍රකෝපකාරී හැසිරීම් ක්‍රිකට් පිටිය තුළ ඔහු ප්‍රදර්ශනය කර තිබෙනවා.

අදාළ සිදුවීම පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14