ශ්‍රී ලංකාවට එවීමට සුදානම් කර තිබූ මත්පෙති තොගයක් ඉන්දියාවෙදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට එවීමට සුදානම් කර තිබූ මත් පෙති තොගයක් ඉන්දියාවේ රාමනාතපුරම් වෙරළ තිරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත පෙති ලක්ෂ 6ක් ඒ අතර වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රාමනාතපුරම් වේදලායි ගම්මානය අසල වෙරළේ තිබූ බෝට්ටුවක මෙම මත්පෙති තොගය සඟවා තිබියදී සොයා ගැනුණා.

මේවා ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මෙහෙයුම් ආරම්භ කර ඇති බව තමිල්නාඩු පොලිසිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙවැනි ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා අපරාධ විමර්ශන ඒකකය වෙරළබඩ ප්‍රදේශවල සිදුකරන සෝදිසි මෙහෙයුම් ද ඉහළ නංවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38