දළදා වහන්සේට අපහාස කළ සිද්ධිය සහ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකිරීම ගැන CID විමර්ශනයක්

සේපාල අමරසිංහ නම් තැනැත්තෙකු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ලෝවැසි සියලු බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අන්දමින් සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය වෙත යොමු කර ඇත්තේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා හමුවට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

දේශීයව පමණක් නොව විදේශීය රටවල ද බෞද්ධ අබෞද්ධ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී ඇති දන්ත ධාතුන් වහන්සේට මේ ආකාරයෙන් නිගරු කිරීම බරපතළ තත්ත්වයක් වනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතට අදාළව සහ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වගන්තිවලට අදාළව දඬුවම් ලැබිය හැකි වරදක්.

එබැවින් සේපාල අමරසිංහ යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ පිළිබඳ විමර්ශන ආර්මභ කර ඇති බවයි. ව්‍යාජ දළදා මාළිගාව ඉදිකිරීම සහ බුදු ධහමට නිගාවන ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව එම කණ්ඩායම් විමර්ශන සිදු කරනු ලබනවා.

එමෙන්ම කඩිනමින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසටයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ.

https://www.youtube.com/watch?v=1KOLfGK4cTY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22