බීඩි කොළ තොගයක් මීගමුව, දූව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස රැගෙන විත් ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබු බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1797කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව, දූව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරු සහ බීඩි කොළ තොගය හමුවී ඇත්තේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව, නාවික හමුදා ගවේෂණ කාර්යය සාධක බලකායේ ද සහය ඇතිව, මීගමුව, දූව ප්‍රදේශයේ අද දින උදෑසන සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ‍ලෙස ගමන් කරමින් තිබූ ලොරි රථයක් නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර තිබුණා.

එහිදී, එම ලොරි රථය තුල පාර්සල් 58ක අසුරා ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1797ක පමණ තොගයක් සමඟ සැකකරුව නාවික හමුදා භාරයට ගැනුණා.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන අයෙක් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු, ලොරි රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03