විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගලට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කය භූගෝලීය වශයෙන් මෙරට දෙවන විශාලතම දිස්ත්‍රික්කය වුව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු කාර්යාලයක් හෝ පුහුණු මධ්‍යස්ථානයක් එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන්නේ නැහැ.

මොනරාගලට ආසන්තම පුහුණු මධ්‍යස්ථාන වන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේ හාලිඇල පුහුණු මධ්‍යස්ථානය තංගල්ල සහ අම්පාර දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයි.

දැනට දිවිනැගුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල බිබිල පාරේ පිහිටි පුහුණු මධ්‍යස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා යොදා ගැනීමට හැකියාව පවතිනවා.

එමගින් මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව පවතිනවා.

ඒ අනුව එම පරිශ්‍රය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැවරීම වෙනුවෙන් ජනාධිපතිවරයා සහ කම්කමරු හා විදේශ රැකියා අමාතවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය මෙරටට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු සඳහා කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කාර්යාලය පිහිටුවීම සඳහා යෝජනා කරනු ලැබුවේ 2022 අතුරු අයවැය මගින්.

ඒ අනුව එතෙර වෙසෙන මිලියන 3ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිවන පරිදි යෝජිත “විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලය” ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමට නියමිතයි.

එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?