විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගලට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කය භූගෝලීය වශයෙන් මෙරට දෙවන විශාලතම දිස්ත්‍රික්කය වුව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු කාර්යාලයක් හෝ පුහුණු මධ්‍යස්ථානයක් එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන්නේ නැහැ.

මොනරාගලට ආසන්තම පුහුණු මධ්‍යස්ථාන වන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේ හාලිඇල පුහුණු මධ්‍යස්ථානය තංගල්ල සහ අම්පාර දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයි.

දැනට දිවිනැගුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල බිබිල පාරේ පිහිටි පුහුණු මධ්‍යස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා යොදා ගැනීමට හැකියාව පවතිනවා.

එමගින් මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව පවතිනවා.

ඒ අනුව එම පරිශ්‍රය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැවරීම වෙනුවෙන් ජනාධිපතිවරයා සහ කම්කමරු හා විදේශ රැකියා අමාතවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය මෙරටට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු සඳහා කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කාර්යාලය පිහිටුවීම සඳහා යෝජනා කරනු ලැබුවේ 2022 අතුරු අයවැය මගින්.

ඒ අනුව එතෙර වෙසෙන මිලියන 3ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිවන පරිදි යෝජිත “විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලය” ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමට නියමිතයි.

එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25