පාසල අසලදි සිසුවෙකු යතුරුපැදියක ගැටෙයි

පාසලක් අසලදි සිසුවෙකු පාර මාරුවිමට යාමේදි යතුරුපැදියක හැපි අනතුරක් සිදුවිමෙන් සිසුවා රෝහල්ගතකර තිබෙනවා.

පසුගියදා වැලිගම අර්ෆා ජාතික පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු පසුගිය 13 වන දින පාසල ඉදිරිපිට ඇති මාර්ගයෙන් පාර මාරු විමට යාමේදි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

අනතුරෙන් තුවාල ලැබු සිසුවා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.අනතුර සිදු වන අයුරු ඒ අසල පිහිටි සිසිටිවි කැමරාවක සටහන්ව තිබිණා

https://youtu.be/902PmmkkDEo