වසන්ත මුදලිගේ බූස්ස බන්ධනාගාරයට මාරු කිරීම ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට බලධාරීන් සූදානම් වන බවත් එසේ කළහොත් එය ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ ( 15 දා ) මාධ්‍යයට පැවසීය .

මෙය කුමන්ත්‍රණයක් යැයි ද පැවසූ නාගමුව බූස්ස බන්ධනාගාරයේ දී මින් පෙර රැඳවියන් පිරිසක් ඝාතනය වූ බව අමතක නොකළ යුතු යැයි ද සඳහන් කළේය .

වසන්ත මුදලිගේට එරෙහිව අධිකරණයට සාක්ෂි ගොනු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට නොහැකි වූ බවත් මෙසේ බන්ධනාගාරය මාරු කරන්න හදන්නේ එවැනි පසුබිමක බවත් නාගමුව වැඩිදුරටත් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?