බමන මතින් සිටි ගිලන් රථ සහායකයා කළ පහරදීම

පානදුර මූලික රෝහලේ සුළු සේවා පාලකවරයාට ගිලන් රථ සහායකයකු කළ පහරදීමකින් රෝහල්ගත වී ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.

මෙලෙස ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇත්තේ වාද්දුව වස්කඩුව පදිංචි අජන්ත ද සිල්වා මහතායිපහර දුන් බව කියන ගිලන්රථ සහායකයා පලා ගොස් ඇත.

රෝහලේ මුළුතැන්ගෙයි සුළු සේවකයකු සමග ගිලන්රථ සහායකයා ආරවුලක් හටගෙන තිබූ අතර සුළු සේවක පාලකයාට ඒ බව සැලවි එම ස්ථානයට ගොස් කරුණු විමසීමේදී මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

පහර දීමෙන් අනතුරුව ගිලන්රථ සේවකයා රෝහලෙන් පිට වන අවස්ථාවේදී තවත් සේවකයෙකුට පහර දී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ වන විට ගිලන්රථ සහායකයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පලා ගිය ගිලන් රථ සහායකයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

පානදුර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47