බමන මතින් සිටි ගිලන් රථ සහායකයා කළ පහරදීම

පානදුර මූලික රෝහලේ සුළු සේවා පාලකවරයාට ගිලන් රථ සහායකයකු කළ පහරදීමකින් රෝහල්ගත වී ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.

මෙලෙස ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇත්තේ වාද්දුව වස්කඩුව පදිංචි අජන්ත ද සිල්වා මහතායිපහර දුන් බව කියන ගිලන්රථ සහායකයා පලා ගොස් ඇත.

රෝහලේ මුළුතැන්ගෙයි සුළු සේවකයකු සමග ගිලන්රථ සහායකයා ආරවුලක් හටගෙන තිබූ අතර සුළු සේවක පාලකයාට ඒ බව සැලවි එම ස්ථානයට ගොස් කරුණු විමසීමේදී මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

පහර දීමෙන් අනතුරුව ගිලන්රථ සේවකයා රෝහලෙන් පිට වන අවස්ථාවේදී තවත් සේවකයෙකුට පහර දී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ වන විට ගිලන්රථ සහායකයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පලා ගිය ගිලන් රථ සහායකයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

පානදුර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?