උතුරු නැගෙනහිර මියගිය සතුන් ගැන හොයන්න පර්යේෂණය කණ්ඩායමක්

අධික ශීත කාලගුණික තත්ත්වය නිසා පසුගියදා උතුරු හා නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පර්යේෂණ කණ්ඩායමක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

කාලගුණික තත්ත්වයේ වෙනස් වීම නිසා මියගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?