අනවශ්‍ය ඇඟිලි ගැසීම් එපා – චීනයට, ඉන්දු – අමෙරිකා දෙපාර්ශ්ව⁣යෙන්ම තරවටුවක්

ඉන්දියාව සහ අමෙරිකාව ඒකාබද්ධව ඉන්දියාවේ උත්තරාකාන්ද් හි සිදුකරන හමුදා අභ්‍යාසය හෙළා දැකීම සම්බන්ධයෙන් චීනයට අවවාද කිරීමට එක්සත් ජනපදය ඉන්දියාව සමග එක් වී තිබෙනවා .

ඔවුන් පවසන්නේ එය චීනයට අදාළ කටයුත්තක් නොවන බවයි.

“යුද් අභ්‍යාස්” ලෙස මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය නම් කර තිබුණා.

මෙම අභ්‍යාසය දේශසීමා සාමය සඳහා වූ චීන-ඉන්දියානු ද්විපාර්ශ්වික ගිවිසුම් උල්ලංඝනය කර ඇති බවට චීනයේ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර තිබුණේ, තමන් යුද අභ්‍යාස පවත්වන්නේ කවුරුන් සමඟ ද යන්න ප්‍රකාශ කිරීමට තුන්වන රටවලට ඉඩ නොදෙන බවයි.

කෙසේ වෙතත්, යුරෝපා සහ යූරෝආසියා කලාපය භාර අමෙරිකානු සහකාර ලේකම් එලිසබෙත් ජෝන්ස්, පකිස්ථානයට සිය F-16 බලඇණිය පවත්වා ගැනීමට ඉඩදීමේ තීරණය ආරක්ෂා කළේ ඩොලර් මිලියන 450 ක පැකේජය ඉස්ලාමාබාද් හි F-16 වැඩසටහන වැඩිදියුණු කිරීම සඳහා නොව නඩත්තු කිරීම සඳහා බව පවසමින්.

ඉන්දියාව ඒ සම්බන්ධයෙන් අමෙරිකාවට දැඩි විරෝධයක පළ කර තිබෙනවා.

පකිස්තානය සමඟ ඇති සබඳතා සම්බන්ධයෙන් එලිසබෙත් ජෝන්ස් කියා සිටියේ අමෙරිකාවට ඉන්දියාව සහ පකිස්ථානය සඳහා වෙන් වෙන්ව ප්‍රතිපත්ති ඇති බවත් ඒවා එකිනෙකට සම්බන්ධ ඒවා නොවන බවයි.

එලිසබෙත් ජෝන්ස් රුසියානු තෙල් මිල සීමාව පිළිබඳව ද අදහස් පළ කළ අතර ඇය පැවසුවේ අදාළ සීමාව පනවනු ලැබුවේ මොස්කව්හි යුදමය හැකියාව අඩු කිරීමේ අපේක්ෂාවෙන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49