කුඩු, පාන් පිටි වෙන හැටි ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදවව්වක් (වීඩියෝ)

මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ස්ථාපිත විශේෂ කාර්ය සාධක බලකායේ ඒකක 09ක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ඉදිරියේ දී පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ පවසනවා.

2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදයට අද (05) පාර්ලීමේන්තුවේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මෙම පළාත් විශේෂීත කාර්ය සාධක බලකායේ පළමු ඒකකය මේ වන විට උතුරු පළාතේ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

මේ මාතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් “පාන් පිටි” බවට පත් වී බොහෝ අවස්ථාවල නීතිය කෙරෙන කාල සීමාවේදීම වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවක් පවතින බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව් දී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි දිනය අද වන අතර, වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය සහ අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගනු ලබනවා.

https://youtu.be/FuWbfYOqqJU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39