ටෙක්සාස් හිදී ශ්‍රී ලාංකිකයෙකු පොලිස් වෙඩි පහරින් නිවස තුළදී ජීවිතක්ෂයට (වීඩියෝ)

ඇමරිකාවේ ටෙක්සාස්හි වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජන් මුණසිංහ නැමැති 33 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

ඉකුත් නොවැම්බර් 15 වනදා මොහු සිය නිවස තුළ දී වෙඩි පහරට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිය නිවසේ ආලින්දයේ රයිෆලයක් අතැතිව සිටි රාජන්ට ඔස්ටින් පොලිසිය එම ගිනි අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් වෙඩි තබා ඝාතනය කළ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරන්නේ.

ඉකුත් නොවැම්බර් මස 15 වනදා අලුයම රාජන් නිවසට පැමිණි අවස්ථාවේ නිවසට සොරුන් පැන ඇතැයි සැකයක් මතුව රයිෆලයක් රැගෙන ඔහු නිවසේ ආලින්දයට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ පැමිණි ඔස්ටින් පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් රයිෆලය බිම තබන ලෙස පවසමින් රාජන්ට වෙඩි තැබූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ.

නොවැම්බර් 15 වැනිදා අලුයම 12.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත්, 911 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමක් මත ඔස්ටින් පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පුද්ගලයෙකු තම නිවස තුළට සහ වීදිය දෙසට ගිනි අවියක් එල්ල කරමින් සිටින බවත්, එම පුද්ගලයා ඔහුගේ නිවසට වෙඩි තැබූ බවත් දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පැවසූ බවයි ඔස්ටින් පොලිසිය වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් ඩැනියෙල් සැන්චෙස් නැමැති පොලිස් නිලධාරියා විසින් සිය රාජකාරි ගිනි අවියෙන් රාජන් මුණසිංහ හට වෙඩි තබා ඇති බවට අනාවරණය වී ඇති අතර, ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34