විදුලි බිල වැඩි කළොත් සිදුවන දේ ගැන මැති ඇමතිවරු කිහිප දෙනෙකුගෙන් අනතුරු ඇඟවීමක්

සියයට 70 කින් විදුලිය බිල වැඩි කිරීම සිදුකළ හොත් සමස්ත නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි බව මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය යළි හරවා ගන්නා ලෙසයි ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ.

මේ අතර, ලබන මාසයේ පැවැත්වෙන උසස් පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීම හෝ විදුලි බිල වැඩි කිරීම මේ අවස්ථාවේ දී සිදු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පසුගිය දා ප්‍රකාශ කර සිටියා.

ඒ, සම්බන්ධයෙන් ලබන සතියේ රැස්වෙන කැබිනට් මණ්ඩලයේ දී කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලි බිල ලබන වසරේ ජනවාරි මාසයේ සහ ජුනි මාසයේ දී පියවර දෙකකින් ඉහළ දැමීමේ යෝජනාවක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියෙක් පසුගියදා සඳහන් කළා.

ඒ, අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව කටයුතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17