spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල වැඩි කළොත් සිදුවන දේ ගැන මැති ඇමතිවරු කිහිප දෙනෙකුගෙන් අනතුරු ඇඟවීමක්

සියයට 70 කින් විදුලිය බිල වැඩි කිරීම සිදුකළ හොත් සමස්ත නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි බව මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය යළි හරවා ගන්නා ලෙසයි ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ.

මේ අතර, ලබන මාසයේ පැවැත්වෙන උසස් පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීම හෝ විදුලි බිල වැඩි කිරීම මේ අවස්ථාවේ දී සිදු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පසුගිය දා ප්‍රකාශ කර සිටියා.

ඒ, සම්බන්ධයෙන් ලබන සතියේ රැස්වෙන කැබිනට් මණ්ඩලයේ දී කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලි බිල ලබන වසරේ ජනවාරි මාසයේ සහ ජුනි මාසයේ දී පියවර දෙකකින් ඉහළ දැමීමේ යෝජනාවක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියෙක් පසුගියදා සඳහන් කළා.

ඒ, අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව කටයුතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?