මාස දෙකක් ගත වුවත් මැතිව්ස්ට තවමත් උත්තරයක් නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබුණා.

මැතිව්ස් විසින් මීට මාස දෙකකට පෙර තේරීම් කමිටුවෙන් අදාළ පැහැදිලි කිරීම ඉල්ලා ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කෙසේ වෙතත් එය මේ දක්වා නොලැබීම නිසා ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට ඔහු සූදානම් වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

දක්ෂතා අතර සිටියත් තමන් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් කරුණු පැහැදිලි කිරීම් ගැනීම සඳහා මැතිව්ස් විසින් මීට පෙර අවස්ථාවක් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් එම අවස්ථාව නොලැබීමත් සමඟ මේ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කිරීමට ඔහු අදහස් කර ඇති බවයි දැන ගන්නට ලැබුණේ.

2021 වසරේ මාර්තු මාසයේ බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියෙන් පසු ඔහුට මේ දක්වා එක්දින කණ්ඩායමේ අවසථාවක් ලැබී නොමැති අතර, අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ම එරෙහිවයි.

ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් සිදුකර ඇති මැතිව්ස්, ආබාධයක් හේතුවෙන් විවේක ගැන්වීමෙන් පසුව, සුව අතට පත්වුව ද ඔහුව එක්දින හෝ විස්සයි විස්ස සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව මෙතෙක් කටයුතු කර තිබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07