නිවසේ නතරකර තිබූ මෝටර් රථය තුළ අභිරහස් ලෙස මිය ගිය පාසල් සිසුවා (ඡායාරූප)

නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුළ පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, මාම්පේ , ජයමාවත පදිංචිව සිටි සඳුන් නින්සර නමැති සිසුවෙක්.

මෙම සිසුවා නිවුන් සහෝදරයන් දෙදෙනකුගෙන් එක් අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසුවාගේ මව අනෙක් නිවුන් සහෝදරයා සමඟ පෙරේදා (30) දහවල් ජයවර්ධනපුර රෝහල කරා අවශ්‍යතාවයක් සඳහා ගොස් තිබූ අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ සිසුවා පමණක් නිවසේ රැඳී සිට ඇති අතර, සිසුවාගේ මිතුරෙකු නිවසට පැමිණ සිසුවා නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව දුරකථනයෙන් සිසුවාගේ පියාට දැනුම්දී ඇති බව සඳහන්.

සිසුවාගේ මිතුරා නිවසට පැමිණෙන විට නිවසේ ඉදිරිපස දොර ඇර රූපවාහිනියද ක්‍රියාත්මකව තිබීමත් සමඟ සැක සිතී ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියාට දැනුම්දුන් බව මිතුරා පවසා තිබෙනවා.

පසුව මියගිය සිසුවාගේ පියා නිවසට පැමිණ සිදුකළ සොයාබැලීමකදී නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළ තම දරුවා සිරවී සිටින අයුරු දැක තිබෙනවා.

අනතුරුව සිසුවා මෝටර් රථයෙන් පිටතට ගෙන කඩිනමින් පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) සවස මෙම සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, මෝටර් රථය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14