අන්තර්ජාලය හරහා කෝටි ගණනක මුදලක් වංචාකළ අටක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව පුද්ගලයින් අටදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් පිළියන්දල, බණ්ඩාරවෙල, ගාල්ල සහ වාද්දූව යන ප්‍රදේශවලදී පසුගියදා (26) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාල බැංකු ගණුදෙනු පහසුකම් යටතේ පුද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අනවසරයෙන් ඇතුළු වී මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් විසින් එලෙස වංචාකර ඇති මුදල රුපියල් 13,765,000ක් බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මෙම අටදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන්නන්.

මෙම පිරිස ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32