උපන්දිනය සැමරීමට ගොස් ඇබඩින් දිය ඇල්ලට බිළි වූ තරුණයා දවසකට පසු හමුවෙයි (ඡායාරූප)

මිතුරෙකුගේ උපන්දිනය සැමරීමට නෝටන්බ්‍රිජ් – ඇබඩින් දිය ඇල්ලට ගිය තරුණයෙකු දියේ ගිලී ඊයේ (28) අතුරුදන් වුණා.

මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර දිය ඇල්ල පාමුල ඇළෙහි අඩි 15ක් පමණ ගැඹුරින් තිබී අද (29) සොයාගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බගවන්තලාව, ලින්ස්ටඩ් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි ක්‍රිෂ්ණන් විනුෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ගිනිගත්හේන නගරයේ සුපිරි වෙළදසැලක සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත්, එම වෙළදසැලේම සේවය කරන තවත් සේවකයෙකුගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (28) දිය ඇල්ලට පැමිණ තිබෙනවා.

පසුව දිය නෑමට ඇළට බැස ඇති අවස්ථාවේ මෙම තරුණයා දියේ ගිලී අතුරුදන්ව ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

පසුව ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස්, ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ඊයේ දිනයේ සිට සිදුකළ මෙහෙයුමක දී අද (29) පෙරවරුවේ මෙම සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32