උ.පෙළ සිසුන්ගේ 80% පැමිණීමේ තීරණයට සහනයක්

2023 වර්ෂයේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්නයක් යොමුකර සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පසුගිය කාලයේ තුළ මතු වූ විවිධ පොදු හේතු මත පාසල් පැමිණීමට නොහැකි වූ උසස් පෙළ සිසුන්ට යම් සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසු සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?