නව ජාතික හැඳුනුම්පත් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

උප්පැන්නයක් නැතත් ජාතික හැඳුනුම්පත සකස් කරගැනීමේ හැකියාව පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.

හැඳුනුම්පත නොමැතිවීම නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 318 කගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එම පිරිසට හැඳුනුම්පත ලබාගැනීමට නොහැකිවී ඇත්තේ කුමක් නිසාද යන්න සොයා බැලිය යුතු බවත් උප්පැන්න සහතික නොමැතිවීම සහ තැපැල් හැඳුනුම්පතින් විදුහල්පතිවරයාගේ එකඟතාව ඇතුළු විශේෂ අවස්ථා සැලකිල්ලට ගෙන මෙම පිරිස විභාගයට පෙනී සිටින්නට ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

යම් අයෙකුට උප්පැන්න සහතිකය නොමැති නම් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හැඳුනුම්පත් අංශය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වැනි ස්ථානවලට ගොස් උපදෙස් ලබාගෙන හැඳුනුම්පත සකස් කරගත හැකි බවද එහිදී අනුමාන වයස් සහතිකයක් ලබාගෙන හැඳුනුම්පත සකස් කරගත හැකි බවද වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?