සජබයේ උප සභාපති පුටුව ජේ.සීට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සමගි ජන බලවේගයේ උප සභාපති ධුරයට පත්කර තිබෙනවා.

එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂ නායකවරයා විසින් එම පත්වීමට අදාළ පත්වීමේ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල වෙත භාරදීම පසුගියදා සිදු කෙරුණා.

ජේ.සී අලවතුවල හැටේ දශකයේ දී එක්සත් ජාතික පක්ෂ දොඩංගස්ලන්ද ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහා මාර්ග නිවාස සහ ඉදිකිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ එස්.ඩබ්ලිව් අලවතුවලගේ පුත්‍රයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?