තිළිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ ගන්න සී.අයි.ඩීයට අවසර

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

ඒ, අනුව ලබන 30 වැනිදා දක්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එම අවසරය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට බන්ධනාගාරය තුළට ගොස් තිළිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය මෙලෙස අවසර දී තිබෙනවා.

මේ අතර තිළිණි ප්‍රියමාලි ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවේ නඩුව වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 08 වැනිදා ඇය බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වත වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?