වන්දනාවේ පැමිණි පිරිසගේ වෑන් රථය සොරගෙන

පොළොන්නරුව අවුකන විහාරය වැඳ පුදාගැනීමට පිරිසක් පැමිණි වෑන් රථයක් එම විහාරය අසළ පිහිටි රථගාලේ නවතා තිබිය දී සොරාගෙන තිබෙනවා.

මාතලේ, නාවුල ප්‍රදේශයේ සිට පිරිසක් රැගෙන පැමිණි කුලී පදනම මත ලබාගත් වෑන් රථයක් පසුගිය 12 වනදා පස්වරුවේ මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ පැමිණිල්ලකට අනුව වෑන් රථය සොරාගෙන පැය 72ක් ගතවීමට පෙර එය සොයාගැනීමට ගල්නෑව පොලිසියට අද (24) හැකිව තිබෙනවා .

මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ගලේවෙල, නබඩගහවත්ත සහ රිදීගම යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි වාර්තා වන්නේ.

සොරාගත් වැන් රථය ගලේවෙල, නබඩගහවත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇති අතර, වෑන් රථය තුළ තිබූ වන්දනාකරුවන්ගේ දේපළ ද සොයා ගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අවුරුදු 26,27 හා 30 යන වයස්වල පසුවන්න සැකකරුවන් අද (24) දින කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40