දියේ ගිලී 18 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

යාපනය, වඩමාරච්චි, කර්තකොවලාම් ප්‍රදේශයේ ජලාශයක දියනෑමට ගිය තරුණියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

18 හැවිරිදි තරුණියක් ඊයේ (21) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය, සිය සහෝදරියකගේ නිවසට පැමිණ තවත් මිතුරියන් සිව්දෙනකු සමඟ දියනෑමට ගොස් ඇති අතර එහි දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?