‘තොටළඟ කුඩු නෝනගේ’ මත් ජාවාරම මෙහෙය වූ ‘ලෙච්චමී’ අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන ‘තොට ළඟ කුඩු නෝනා’ නැමැත්තියගේ මත් ජාවාරමේ ප්‍රබල සාමාජිකාවක් වන ‘තොටළඟ කුඩු ලෙච්චමී’ නැමැත්තිය මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 26ක් පමණ වටිනා මත්කුඩු සොයා ගැනීමට හැකි වූ බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

සැකකාරිය පදිංචිව සිටි කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, අනතුරුව පොලිස් කාන්තාවක් ලවා සැකකාරියව දැඩි පරීක්ෂාවට ලක් කිරීමේ දී ඇය ඇඳ සිටි තනපටය තුළ සඟවාගෙන සිටිය දී මත්කුඩු සොයා ගැනීමට හැකිව තිබෙනවා.

58 හැවිරිදි වියේ පසුවන සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?