මත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ පොලිස් වසමේ මගවෙල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් අදාළ සැකකරු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අප්පුතන්ත්‍රි කන්කානම්ගේ රමේශ් චාමර නැමැති අයෙක් බව සඳහන්.

පොලිසිය සිදුකළ මෙම වෙඩි තැබීමෙන් සැකකරුගේ වම් පාදයේ වළලුකර අසල ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?