ඕමානයට මිනිස් ජාවාරම් කිරීමට සම්බන්ධ කතක් CID අත්අඩංගුවට

ඕමානයට මිනිස් ජාවාරම් කිරීමට සම්බන්ධ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය අද (21) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පෙරේදා (19) අලුයම කටුනායක ගුවන්තොටුපලේ දී මෙහි මහ මොළකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුට සම්බන්ධ තවත් උප නියෝජිතයෙක් ද අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එදිනම පස්වරුවේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්